උඩරට
ප්‍රධාන නළු ඇදුම් කට්ටලය ලෙස හැදින්වෙන්නේ වෙස් ඇදුම් කට්ටලයයි. මලය රජුගේ ඇදුම්
කට්ටලය ලෙස හැදින්වෙන මෙම ඇදුම් කට්ටලය පඩුවස්දෙව් රජුට
වැළදුනු දිවි දෝෂය සුවපත් කිරීම සදහා සිදුකරන ලද හැටපස් මංගල්ලයේ දී මලය
රජු, ශාන්තිකර්මය
සිදු කිරිමේදී තමාගේ හැටහතර ආභරණය පැළදගෙන ශාන්තිකරමය සිදුකළ බව ජනප්‍රවාදයන් හි
සදහන්වේ. රිදියෙන් වැඩ දැමු අලංකාරවත් වූ කැටයම් මගින් අලංකාර වූ වෙස් ඇදුම්
කට්ටලය සුර්ය දිව්‍ය රාජයාගේ ඇදුම් කට්ටලය ලෙසද විශ්වාස කරනු ලබයි. එහෙත් ප්‍රසිද්ධ
හා පිළිගත හැකි මතයක් වන්නේ මලය රජුගේ ඇදුම් කට්ටලය බවයි.
වර්තමානයේ
දී කොහොඹා කංකාරියේ ප්‍රධාන ඇදුම් කට්ටලය ලෙස භාවිතා කරනු ලබන්නේ වෙස් ඇදුම්
කට්ටලයයි. ඊට අමතරව මහනුවර ඇසල පෙරහැරේ සහ
වලියක් මංගල්‍යයේ ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබන්නේ වෙස් ඇදුම් කට්ටලයයි.
පිරිමින්ට පමණ සැරසීමට සුදුසු වු වෙස් ඇදුම් කට්ටලය කාන්තාවන්ට ඇකැප බව පිළිගැනේ.
පුර්ණ වශයෙන් පවිත වූ පසු වෙස් ඇදුම් කට්ටලය ඇදීම ශිල්පීන්ගේ පුරුද්දකි, කාන්තා සංවාසයෙන්
ඇත්වී සිටීම හා කිලිවලට අසු නොවී වෙස් ඇදුම් කට්ටලය ඇදීම ශිල්පීන්ගේ නිතියක් සේ
පිළිපදිනු ලබයි.
වෙස් ඇදුම් කට්ටලය ප්‍රධාන
වශයෙන් කොටස් දෙකකට වෙන් කර දැක්විය හැක. එනම් හිස වෙස් කොටස හා කරෙන් පහළ ආභරණ
ලෙසය.- ජටව
- ජටා රැල්ල (පටිය)
- පායිම්පත
- තෝඩුපත්
- රතු ලේන්සු
- වෙස් තට්ටුව
- නෙත්තිමාලය
- කර තැල්ල (කර මන්තය)
- උරබාහු
- අවුල්හැරය
- බන්ධි වලලු
- කෛයිමෙත්ත
- බුබුලු පටිය
- ඉන හැඩය
- හගල
- නරු (දෙවල්ල)
- පොත්පොට
- උල් උඩය (නිසන් සගල)
- සිලම්බු
- පිජාමා කලිසම
No comments:
Post a Comment