උඩරට

Tuesday, June 27, 2017

උදාර වන්නම

තිත - 3+3 ( මැදුම් තිත )  ( 1 2 3 + 1 2 3 )

බෙර පදය - ජිං කඩ තක ජිං ගො ගො තකජිං කඩ තක ජිං ගො ගො තකජිං කඩ තක ජිං ගො ගො තකජිං කඩ තක ජිං ගො ගො තක

තානම - තම් දන තම් දාන තම් ද නා නා තම්
              දන තන තම් දාන තම්ද නා නා..........

කවිය - සාදා භරණ පළදා සිව් සැට කී - පුර 
           සාදා ලෙසින් නැගි වාහන ඇතෙකී

තානම - තම් දන තම් දාන තම් ද නා නා තම්
              දන තන තම් දාන තම්ද නා නා..........

           බෙදා සිව්රගින් පා බළ පෙළ කී - රඟ
            නදා හඬ ගිගුම් පසතුරු නොයෙකී

තානම - තම් දන තම් දාන තම් ද නා නා තම්
              දන තන තම් දාන තම්ද නා නා..........

            වීදා යන ගමන් පුද පෙළහර කී - රජ
            පූදා පෙර ගමන් රඟ සිව් සැටකී

තානම - තම් දන තම් දාන තම් ද නා නා තම්
              දන තන තම් දාන තම්ද නා නා..........

            එදා ගරු සිතින් වැඩිපුර වරෙ කී - යෙදු 
            උදාර වන්නම පෙර කී ලෙසකී

තානම - තම් දන තම් දාන තම් ද නා නා තම්
              දන තන තම් දාන තම්ද නා නා..........

කස්තිරම -    රුද ගත ගත ගත කුකු දත් රුද ගත ගත ගත කුකු දත් රුද ගත ගත ගත කුකු දත්
ගජිංත ගත් ජිත් කුං දත්
තකුද ගජිං තකුද ගජිං තකු තක තරිකිට කුද කුද
ගජිංත ගත් ජිත් කුං දත්
තකු තක තරිකිට කුංදත් තා

සීරු මාරුව - තකට දො දොං තා කුං දත් තරිකිට තකට දො දොං තා

අඩව්ව -   ගත්ත තෙහිගු තකට තකුද
            තත් කඩ ජිත් කඩ කඩ තක තකට තකුද
            ගතකු තෙහිගු තකට තකුද  
            තත් තත් කඩ කඩ තක ජිත් ජිත් කඩ කඩ තක
            තොං තොං කඩ කඩ තක නං

උරගා වන්නම

තිත                   - 3 + 4 ( මැදුම් මහ දෙතිත ) ( 1 2 3 + 1 2 3 4)

බෙර පදය         - දොං ජිං ජිං තකට දොංතකදොං ජිං ජිං තකට දොංතකදොං ජිං ජිං තකට දොංතකදොං ජිං ජිං තකට දොංතක
  
තානම              - තන තාන තාන තනම් තන තාන තාන තනම්
                        තම්ද නාන තාන තනාන තාන තනම් තම්ද නාන තාන තනාන තාන තනම්

කවිය   - අනගා පුලින් ගත වේඅනගා පුලින් ගත වේ
සුළගා බොජුන් එවගා මැඩින් සමගා
වෙරගා ගිළුන් පොළගා

තානම    - තන තාන තාන තනම් තන තාන තාන තනම්
            තම්ද නාන තාන තනාන තාන තනම් තම්ද නාන තාන තනාන තාන තනම්

කවිය  -  බඩගා යමින් පොළවේබඩගා යමින් පොළවේ
සමගා උඩත් එළගා සබෙත් තුළගා
බලමින් බිමත් බඩගා

තානම   - තන තාන තාන තනම් තන තාන තාන තනම්
            තම්ද නාන තාන තනාන තාන තනම් තම්ද නාන තාන තනාන තාන තනම්

කවිය  - එනගා ගුලින් ගොඩ වේඑනගා ගුලින් ගොඩ වේ
හැඩගා නොමින් සරගා ගමන් එළගා
පෙනගා විකුම් අනගා

තානම  - තන තාන තාන තනම් තන තාන තාන තනම්
           තම්ද නාන තාන තනාන තාන තනම් තම්ද නාන තාන තනාන තාන තනම්

කවිය   - උරගා ගමන් යෙදුවේ උරගා ගමන් යෙදුවේ
නැණගා ඉසින් අනගා ලෙසිත් ස්වරගා
මෙරගා වරුණ උරගා

තානම    - තන තාන තාන තනම් තන තාන තාන තනම්
             තම්ද නාන තාන තනාන තාන තනම් තම්ද නාන තාන තනාන තාන තනම්


කස්තිරම     -  රුදග ජිත් තක තකට කුං දත්
                 තත් ගජිං තක තකට කුං දත් රුද ගජිං ජිං රුද ගජිං ජිං
                 කුද ගජිං තක තකට  කුද කුද
                 තත් ගජිං තක තකට කුං දත් කුද ගජිං තක තකට කුං දත් තා

සීරු මාරුව  - තකුද තකු තක තකට කුං දත් තත් ගජිං තක තකට කුං දත්
                තකුද තකු තක තකට කුං දත් තා

අඩව්ව     - තත්ත තරි තරි තතරි තරි තරි රුතක ජිමි ජිමි තිතිත් තෙයි
              තතත් ජිත් ජිත් තො තොං නං නං රුංතක ජිමි ජිමි තිතිත් තෙයි 

ගජගා වන්නම

තිත - 4 + 4 ( මහ තනි තිත )  ( 1 2 3 4 + 1 2 3 4 )
බෙර පදය - තකුං ජිං කුජිං තක ජිං ගත කුකුද කුකුතක

ගණපති වන්නම

තිත - 3 + 3 ( මැදුම් තිත ) (1 2 3 + 1 2 3 )

බෙර පදය - ජිං කඩතක ජිං ගො ගො තකජිං කඩතක ජිං ගො ගො තකජිං කඩතක ජිං ගො ගො තකජිං කඩතක ජිං ගො ගො තක

තානම - තම් ද නම් දන තන තානෙ නම් දන තන
             තම් ද නම් දන තම් දෙන තා නා

කවිය - යුත් සිරින් බබළන ඇත් හිසින් සසොබන
           වෙත් දළින් අඩ දැන ගනු සුදනා

 තානම - තම් ද නම් දන තන තානෙ නම් දන තන
             තම් ද නම් දන තම් දෙන තා නා

කවිය - රත් පියුම් වැනි මුඛ යුත් සවන් ලෙළ දෙන
            නෙත් අදුන් නිල්මිණි කුඹු රමනා

තානම - තම් ද නම් දන තන තානෙ නම් දන තන
             තම් ද නම් දන තම් දෙන තා නා

කවිය - අත් උරින් පහතින වෙත් සුරන් සිරැරින
            යුත් නිතින් දෙවඟන දෙදෙනෙකි නා

තානම - තම් ද නම් දන තන තානෙ නම් දන තන
             තම් ද නම් දන තම් දෙන තා නා

කවිය -  අති නැණින් යුත් සුරි දෙක් බැවින් ඉසිදැන 
            මෙත් මෙවන් ගණපති වන්නමි නා

තානම - තම් ද නම් දන තන තානෙ නම් දන තන
             තම් ද නම් දන තම් දෙන තා නා

කස්තිරම -    රුද ගත ගත ගත කුකුදත් රුද ගත ගත ගත කුකුදත් රුද ගත ගත ගත කුකුදත්
ගජිංත ගත් ජිත් කුං දත්
තකුද ගජිං තකුද ගජිං තකු තක තරිකිට කුද කුද
ගජිංත ගත් ජිත් කුං දත්
තකු තක තරිකිට කුං දත් තා

සීරු මාරුව - තකට දො දොං තා කුං දත් තරිකිට තකට දො දොං තා

අඩව්ව -   ගත්ත තෙහිගු තකට තකුද
            තත් කඩ ජිත් කඩ කඩ තක තකට තකුද
            ගතකු තෙහිගු තකට තකුද   
            තත් තත් කඩ කඩ තක ජිත් ජිත් කඩ කඩ තක
            තොං තොං කඩ කඩ තක නං

තුරගා වන්නම

තිත - 2+3 ( සුළු මැදුම් දෙතිත ) (1 2 + 1 2 3 )
බෙර පදය - දොං ජිංත ගත දොංත  දොං ජිංත ගත දොංත  දොං ජිංත ගත දොංත දොං ජිංත ගත දොංත

තානම - තත් තත් තනත් තනෙන තත් තත් තනත් තනෙන
තත් තත් තනත් තම්ද නා නා
තන තනෙන තන තනෙන  තතන තම් දන තනෙන
තානත් තනත් තම් ද නා නා

කවිය -  සත් වෙත් මහත් අදර ලත් යුත් සිදත් කුමරු
ගත් සිත් තොසත් පැවිදි අංගා
අණ කරන චන්නයෙන කන්ථකය අසු ගෙනෙන
ගෙන එදෙන අසුගෙ පිට නැංගා

තානම - තත් තත් තනත් තනෙන තත් තත් තනත් තනෙන
තත් තත් තනත් තම්ද නා නා
තන තනෙන තන තනෙන  තතන තම් දන තනෙන
තානත් තනත් තම් ද නා නා

කවිය -  ගත් ගත් පයත් අසුගෙ සබ්දත් වසත් සුරිදු
යන්නෙන් තොසින් තිදෙන සමගා
යන යනෙන කල තිදෙන එතැන තැන පසුව දැන
ගං තෙරට පත් වුනිය එමගා

තානම - තත් තත් තනත් තනෙන තත් තත් තනත් තනෙන
තත් තත් තනත් තම්ද නා නා
තන තනෙන තන තනෙන  තතන තම් දන තනෙන
තානත් තනත් තම් ද නා නා

කවිය -  ලත් ලත් සිතත් තිදෙන වෙන් වෙත් එකත් පසුව
මුත් කන්ථකත් වේය තුරගා
සිදුහතුන ගෙන වහන චන්න වල්ගය අතින
පැන්නෙන් එතෙර අනොම ගංගා

තානම - තත් තත් තනත් තනෙන තත් තත් තනත් තනෙන
තත් තත් තනත් තම්ද නා නා
තන තනෙන තන තනෙන  තතන තම් දන තනෙන
තානත් තනත් තම් ද නා නා

කවිය -   ගොත් සිත් මහත් රුසිරු ලත් යුත් සිදත් කුමරු
ගෙන් සත් රුගත් නරන අංගා
තිදෙන පැන ගියෙ ගගින එතෙද අණ ගෙන බැතින
ගෙදුව නැණ වර්ණයෙන තුරගා

තානම - තත් තත් තනත් තනෙන තත් තත් තනත් තනෙන
තත් තත් තනත් තම්ද නා නා
තන තනෙන තන තනෙන  තතන තම් දන තනෙන
තානත් තනත් තම් ද නා නා

කස්තිරම - කුද ගජිත කුද ගජිත කුද ගජිත කුද තාකුද ගජිත කුද ගජිත කුද ගජිත කුද තා කුද ගජිත කුද තා කුද ගජිත කුද තා  කුද තා කුද තා කුද ගජිත කුද ගජිත  කුද ගජිත  කුද තා

සීරු මාරුව - තකුතක තරිකිට කුංදත් ගජ්ජිත් තක ජිත් කුංදත්
                  ජිකුතක තරිකිට කුංදත් දොං තා

අඩව්ව - තත් තකට තක රොං තක්කඩ ජික්කඩ කුද තක රොං
             තක රොං ගජිං ජිකුද කිටිතකට කුංදත් ජික රොං

නෛයඩි වන්නම

තිත - 3 + 4 ( මැදුම් මහ දෙතිත ) (1 2 3 +1 2 3 4 )

බෙර පදය - දොං ජිං ජිං තකට දොංතක  දොං ජිං ජිං තකට දොංතකදොං ජිං ජිං තකට දොංතක  දොං ජිං ජිං තකට දොංතක

තානම - තෙම් තෙනෙ නම් තෙනෙ නම් තෙනෙ නා නා
          තෙනක තෙනම් තෙනෙ නම් තෙනෙ නා නා

කවිය -   ඉපිද ඒ බෝසත් නාලොව වාරෙක
පැහැද රකිති සිල් නරලොව වනයක
බොවද දෙමින් අල්ලා අහිකුණ්ඨික
පැසද ලමින් නටවා දුක් දීනෙක

තානම - තෙම් තෙනෙ නම් තෙනෙ නම් තෙනෙ නා නා
          තෙනක තෙනම් තෙනෙ නම් තෙනෙ නා නා

කවිය -රන් දමකින් ඉඳ පෙනය නගායේ
   සන් දම මෙන් දැහැඩින් වකලායේ
   රන්දම මෙන් ගත වටින් දිලීයේ
   පන්දම ලෙස දණ දී නටවායේ

තානම - තෙම් තෙනෙ නම් තෙනෙ නම් තෙනෙ නා නා
          තෙනක තෙනම් තෙනෙ නම් තෙනෙ නා නා

කවිය -  බෝ කොළ අන්දම් පෙනය නගායේ
නා කොළ අන්දම් පෙන හකුලායේ
ලො තුළ රන්දම් සිරිනි දිගායේ
ඒ කුල සතරක් පෙරසිට ආයේ

තානම - තෙම් තෙනෙ නම් තෙනෙ නම් තෙනෙ නා නා
          තෙනක තෙනම් තෙනෙ නම් තෙනෙ නා නා

කවිය -  දිගා සිරුර කොටසක් හකුලා මුඩි
නගා ගතය ලෙළවා කරමින් දැඩි
රඟා සිරින් පිඹිමින් නදයෙන් වැඩි
නගා අසන් මෙම වන්නම නෛයඩි

තානම -  තෙම් තෙනෙ නම් තෙනෙ නම් තෙනෙ නා නා
තෙනක තෙනම් තෙනෙ නම් තෙනෙ නා නා

කස්තිරම - රුදග ජිත්තක තකට කුංදත් තග්ග ජිංතක තකට කුංදත්
  රුදගජිං ජිං රුදගජිං ජිං රුදග ජිත්තක තකට කුඳ කුඳ
  තග්ගජිං තක තකට කුංදත්
  රුදගජිත් තක තකට කුංදත් දොං තා

සීරු මාරුව - තකුඳ තකුතක තකට කුංදත්
තග්ගජිං තක තකට කුංදත්
තකුද තකුතක තකට කුංදත් දොං තා

අඩව්ව - තාකු තක්කුං තරිකිට තකුඳ තත්ජෙං
තත් ජෙං තජෙං තත් ජෙං
ජිකු ජික්කුං තරිකිට ජිකුඳ තත්ජෙං
තත් ජෙං තජෙං තත් ජෙං
තාකු තක්කුං තරිකිට තකුඳ තත්ජෙං
ජිකු ජික්කුං තරිකිට ජිකුඳ තත්ජෙං
තාකු තක්කුං තරිකිට  ජිකු ජික්කුං තරිකිට 
තකුද තත්ජෙං ජෙංතා ජෙංත ජෙංතකුඳ ජෙංත තා

මයුරා වන්නම

තිත - 2 + 2+ 3 ( දෙසුළු මැදුම් තුන් තිත ) ( 1 2 + 1 2 + 1 2 3 )

බෙර පදය - තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං ගත් තත් ජිං තරිකිට    තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං ගත් තත් ජිං තරිකිට   තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං ගත් තත් ජිං තරිකිට   තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං ගත් තත් ජිං තරිකිට

ගොඩ සරඔ

උඩරට ආදුනික නර්තන ශිල්පියෙක් පා සරඔ නැටිමෙන් අනතුරු පුරුදු පුහුනු වන්නේ ගොඩ සරඔයි මෙහිදි දෙපා සහ දැත් යන අංග දෙක සදහම අභ්‍යාස සිදු කරනු ...