උඩරට

Tuesday, June 27, 2017

ගජගා වන්නම

තිත - 4 + 4 ( මහ තනි තිත )  ( 1 2 3 4 + 1 2 3 4 )
බෙර පදය - තකුං ජිං කුජිං තක ජිං ගත කුකුද කුකුතක
තානම - තා නා තා ම් දා න තා ම් ද.............
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............
නා නා ත ම් දා න තා ම් .......
දා න තා ........ නා...........

කවිය -  දෙව්පුර ඇතෙකි - කුඹු දහසයෙකි
දිග දළ අටෙකි - සත් ගැබෙකි

තානම - තා නා තා ම් දා න තා ම් ද.............
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............
නා නා ත ම් දා න තා ම් .......
දා න තා ........ නා...........

කවිය -   වැව් පොකුණද කි   - සත් සිය ගැණ කි
එක පොකුණක කි  - සිව් මාලෙ කි

තානම - තා නා තා ම් දා න තා ම් ද.............
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............
නා නා ත ම් දා න තා ම් .......
දා න තා ........ නා...........

කවිය -   සිව් මල පෙති කි  - ගැන තිස් දෙකකි
පෙත්තක නටු කි - සිව් සැටෙකි

තානම - තා නා තා ම් දා න තා ම් ද.............
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............
නා නා ත ම් දා න තා ම් .......
දා න තා ........ නා...........

කවිය -  කවිකර වැනු කී  - ලෙව් ඉසි බසෙකි
ගජගා නමකී  - වන්නම කී

තානම - තා නා තා ම් දා න තා ම් ද.............
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............
නා නා ත ම් දා න තා ම් .......
දා න තා ........ නා...........

කස්තිරම-     රුංතක ජිං තක තරිකිට කුංදත් රුංතක ජිං තක තරිකිට කුංදත් රුංතක ජිං තක තරිකිට කුංදත්
තාග්ගජිං තක තරිකිට කුංදත් තාග්ගජිං තක තරිකිට කුංදත්
රුංතක ජිං ජිං තකුතක ජිං ජිං  රැංතක ජිං තක තරිකිට කුද කුද
තාග්ගජිං තක තරිකිට කුංදත් රැංතක ජිං තක තරිකිට කුංදත් තා

සීරු මාරුව -  තකුතක ජිජිකුද ගජිත ගජිත කුද ගජිගත කුද කුද
තා කුජිත්ත ගත දොමිකිට තරිකිට කුංදත් තා

අඩව්ව - තාම් දොම්ති ගත දොමිකිට කඩතක තරිකිට
කිතක දොමිති ගත කිත්තත් කුද කුද
තා කුජිත්ත ගත දොමිකිට තරිකිට කුංදත් තා

No comments:

Post a Comment

ගොඩ සරඔ

උඩරට ආදුනික නර්තන ශිල්පියෙක් පා සරඔ නැටිමෙන් අනතුරු පුරුදු පුහුනු වන්නේ ගොඩ සරඔයි මෙහිදි දෙපා සහ දැත් යන අංග දෙක සදහම අභ්‍යාස සිදු කරනු ...