උඩරට

Tuesday, June 27, 2017

උකුසා වන්නම

තිත - 4 + 4 (මහ තනි තිත ) (1 2 3 4 + 1 2 3 4 )

බෙර පදය - කුං ජිං ජිං තරිකිට කුකුතක කුං ජිං ජිං තරිකිට කුකුතකකුං ජිං ජිං තරිකිට කුකුතකකුං ජිං ජිං තරිකිට කුකුතක
තානම -  තානා ......ආ.. තා නෙ න තා නම්  තානා ........ආ.. තා නෙ න තා නම්
           තා නත් තනෙ නත් තම් දන තා නත්  තා  නත් තනෙ නත් තම් දන තා නත්
           තානා ..........ආ....... තා නෙ න තා නම් 

කවිය -  මෝරා..... ආ....  බී ජ යෙ නා මෝරා..... ආ....  බී ජ යෙ නා
කළපත් දෙකඩත් කර සිත් තුටු වෙත්  කළපත් දෙකඩත් කර සිත් තුටු වෙත්
දෙන්නා........ ආ...... ආ ද ර තො සා

තානම - තානා ......ආ.. තා නෙ න තා නම්  තානා ........ආ.. තා නෙ න තා නම්
          තා නත් තනෙ නත් තම් දන තා නත්  තා නත් තනෙ නත් තම් දන තා නත්
          තානා ..........ආ....... තා නෙ න තා නම් 

නෑරා..... ආ..... ත ටු ප ති නා නෑරා..... ආ..... ත ටු ප ති නා
ලෙලවත් සොලවත් පියඹත් නද දෙත් ලෙලවත් සොලවත් පියඹත් නද දෙත්
යන්නා පවන රැසා

තානම -  තානා ......ආ.. තා නෙ න තා නම්  තානා ........ආ.. තා නෙ න තා නම්
           තා නත් තනෙ නත් තම් දන තා  නත්  තා නත් තනෙ නත් තම් දන තා නත්
           තානා ..........ආ....... තා නෙ න තා නම් 

සාරා..... ආ..... බො ජු න යෙ නා සාරා..... ආ..... බො ජු න යෙ නා
අයිරත් පෙතියොත් තුඩගත් බුදිසිත් අයිරත් පෙතියොත් තුඩගත් බුදිසිත්
පැන්නා....... ආ........  එ ජ ල රැ සා

තානම - තානා ......ආ.. තා නෙ න තා නම්  තානා ........ආ.. තා නෙ න තා නම්
          තා නත් තනෙ නත් තම් දන තා නත්  තා නත් තනෙ නත් තම් දන තා නත්
          තානා ..........ආ....... තා නෙ න තා නම් 

බේරා.. .... ආ........ ඉ සි හු දැ නා බේරා.. .... ආ........ ඉ සි හු දැ නා
පවසත් මෙපවත් දැනසත් ලොවටත් පවසත් මෙපවත් දැනසත් ලොවටත්
වන්නා..... ආ........  න ම් උ කු සා

තානම - තානා ......ආ.. තා නෙ න තා නම්  තානා ........ආ.. තා නෙ න තා නම්
          තා නත් තනෙ නත් තම් දන තා නත්  තා නත් තනෙ නත් තම් දන තා නත්
          තානා ..........ආ....... තා නෙ න තා නම් 

කස්තිරම - රුංතක ජිංතක තරිකිට කුංදත් රුංතක ජිංතක තරිකිට කුංදත් රුංතක ජිංතක තරිකිට කුංදත්
             තා ගජිංතක තරිකිට කුංදත්  තා ගජිංතක තරිකිට කුංදත්
             රුංතක ජිං ජිං තකුතක ජිං ජිං
             රුංතක ජිංතක තරිකිට කුංදත් තා 

සීරු මාරුව - තකුතක ජිජිකුද ගජිත ගජිත කුද ගජිගත
               දොද් දොං තා තරිකිට  දොද් දොං තා තරිකිට 
               දොද් දොං තාකුජිත්ත ගත දොමිකිට තරිකිට කුංදත් තා

අඩව්ව -     ජෙනුතහ තහකින තහක ජෙමිති ගත
              කිතහක තදිකින දොම් තා තා තෛයත් තජිජික දොම්

No comments:

Post a Comment

ගොඩ සරඔ

උඩරට ආදුනික නර්තන ශිල්පියෙක් පා සරඔ නැටිමෙන් අනතුරු පුරුදු පුහුනු වන්නේ ගොඩ සරඔයි මෙහිදි දෙපා සහ දැත් යන අංග දෙක සදහම අභ්‍යාස සිදු කරනු ...