උඩරට ආදුනික
නර්තන ශිල්පියෙක් පා සරඔ නැටිමෙන් අනතුරු පුරුදු පුහුනු වන්නේ ගොඩ සරඔයි මෙහිදි
දෙපා සහ දැත් යන අංග දෙක සදහම අභ්‍යාස සිදු කරනු ලබයි මෙහිදි හිස දෑත් කද උකුළ
දෙපා යන අංග සියල්ල උපකාරි කර ගනිමින් නර්තනයේ යෙදෙනු ඇත මේවා ගණනින් 12 කි ඒ සැම
සරඔයක් සදහාම අනන්‍ය වු කස්තිරමක් ඇත
NARTHANA නර්තන
වින්දනීය කාල අවකාශය කලාව වූ කලි මිනිසාගේ රසඥතාවය උදෙසා බිහිවීමක්ය යන්න මුල් කාලිත මතයක් විය. වර්තමානය වන විට ද, කලාව රස විදීමේ මාධයක් ලෙස භාවිතා කළ ද කලාවේ භාවිතයේ දිශානතිය වෙනස් වී ඇත. කලාව වනහි මිනිසාගේ අාත්ම ප්රකාශනය සදහා කැපවූවක් බවට පත්ව ඇත. කලා වේ උප අංශයක් වූ නර්තනය ද එකී අවකාශය තුළ සැරිසරනු ලබයි.
Wednesday, April 22, 2020
පාසරඔ / දණ්ඩියමේ සරඔ
උඩරට නැටුම්
තුළ පළමුව පාද හුරැ කර ගැණිම සදහා පාසරඔ නටනු ලබයි මෙය දණ්ඩි කදක් උපයෝගි
කරගනිමින් කරන නිසා දන්ඩියමේ සරඔ යනුවෙන්ද හැදින් වේ මේවා ගණනින් 12 කි.
නමස්කාරය
තෙයියත්
තෙයියත් තෙයියත් තාම් (බුදුන් ට මා නමස්කාර කරමි)
තෙයියත්
තෙයියත් තෙයියත් තාම් (දෙවියන් ට මා නමස්කාර කරමි)
තෙයියත්
තෙයියත් තෙයියත් තාම් (ගුරුන් ට මා නමස්කාර කරමි)
තෙයියත්
තෙයියත් තෙයියත් තාම් (සබේ සැම ට මා නමස්කාර කරමි
Wednesday, June 28, 2017
සොකරී
දෙමළ ජනතාවගේ
නාට්‍ය විශේෂයක් වන “තෙරුක්කුත්තු” නම් නාට්‍ය ඇසුරින් සොකරී නාට්‍ය නිර්මානය වී ඇතැයි
සැලකේ. එසේ පැවසීමට හේතුව වි ඇත්තේ දෙමළ ගැමි සංස්කෘතියේ ඇති ඇතැම් ලක්ෂණ සොකරී
නාට්‍යයේ තිබීමයි. කෘෂිකාර්මික ගැමි ජීවන රටාවක් ගත කළ පැරණි ගැමියන් අස්වැන්න
නෙළා අවසන් වූ පසු තමාගේ විනෝදාස්වාදය උදෙසා සොකරී නාට්‍ය රග දැක්වූ බව පැහැදිලි
වේ. අස්වැන්න නෙළා අවසන් වූ පසු සොකරී රගදක්වන බැවින් මේ සදහා බොහෝ විට යොදාගනු
ලැබුවේ කමතයි. නැතහොත් හොදින් ඉඩකඩ ඇති එළිමහන් ප්‍රදේශයකි. රංග භූමිය මධ්‍යයේ
වංගෙඩියක් තබා ඇති අතර නළුවන් ඒවටා ගමන් කරමින් රංගනය ඉදිරිපත් කරනු ලබයි. එසේම
රංග භූමියට ආලෝකය සපයා ගනු ලබන්නේ ලන්තෑරුමක් මගිනි. නමුත් සොකරී නාට්‍ය දෙස බැලිය
යුත්තේ හුදෙක් සිනහව උදෙසා පමණක්ම නොවේ.
කෝලම් නාටක
පහතරට නර්තන
ක්‍රමය සමග බැදුනු කෝලම් නාටක වර්තමානය වන විට අභාවයට යමින් පවතින නාටක අතරින්
එකකි. මේවා ඉතා අලංකාරව, දර්ශනීයව රග
දක්වනු ලබන නාටක ක්‍රමයකි. අතීතයේදී බොහෝ කෝලම් නාටක දක්නට තිබුනද අද වන විට ඉන්
දක්නට ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි. දැනට ඉතිරි වී තිබෙන අංගයන්ද රග දක්වන
අවස්ථා විරලය.
ශ්‍රී ලංකාවේ ගැමි නාටක
දේශීය වශයෙන්
ප්‍රසිද්ධව පවත්නා වූ නර්ථනයන්, නාටක හා අනෙකුත් කලා
කර්මාන්තයන් අතරින් ගැමි නාටක වර්ග හතරක් හදුනාගත හැකිය.
සරඹ අභ්‍යාසය සහ එහි අවශ්‍යතාව
දේශීය වශයෙන් ප්‍රභවය ලත් නර්තන සම්ප්‍රදයාන්
මෙන් ම , ඉන්දියානු හෝ
වෙනත් කවර හෝ නර්තන සම්ප්‍රදායක් වුව ද එකකින් අනෙක වෙන් කොට හදුනා ගන්නා එක්
නිර්ණායකයක් වන්නේ එයට ආවේණික වූ අංගහාර ලක්ෂණයි . අංගහාර වූ කලී සැම නර්තනයක ම
අනන්‍යතාවයේ ප්‍රදානතම සාදකයයි . එසේ හෙයින් නර්තන සම්ප්‍රදා යක් ඉගෙන ගන්නා
කවරෙක් වුව ද තමා ඉගෙන ගන්නා සම්ප්‍රදායට අදාළ නිවැරදි අංගහාරයන් හදුනා ගත යුතුය .
ඉතාමත් ව නිවැරදි ආකාරයෙන් එකී අංගහාරයන් පවත්වා ගත යුතුය . සම්ප්‍රදා යික
නර්තනයන්ට අදාළ අංගහාර වෙනස් කිරීමට හෝ විකෘති කිරීමට කවර නිර්මාණ ශිල්පියෙකුට වුව
ද සදාචාරාත්මක අයිතියක් නැත .
Subscribe to:
Posts (Atom)
ගොඩ සරඔ
උඩරට ආදුනික නර්තන ශිල්පියෙක් පා සරඔ නැටිමෙන් අනතුරු පුරුදු පුහුනු වන්නේ ගොඩ සරඔයි මෙහිදි දෙපා සහ දැත් යන අංග දෙක සදහම අභ්‍යාස සිදු කරනු ...
-
තිත - 4+4 (මහ තනි තිත) (1234+1234) බෙර පදය - කුජිං ජිං තක ජිං තක ජිං කුදකුජිං ජිං තක ජිං තක ජිං කුදකුජිං ජිං තක ජිං තක ජිං කුදකුජ...
-
තිත - 3 + 4 ( මැදුම් මහ දෙතිත ) (1 2 3 +1 2 3 4 ) බෙර පදය - දොං ජිං ජිං තකට දොංතක දොං ජිං ජිං තකට දොංතකදොං ජිං ජිං තකට දොංතක දොං ...
-
තිත - 3 + 3 ( මැදුම් තිත ) (1 2 3 + 1 2 3 ) බෙර පදය - ජිං කඩතක ජිං ගො ගො තකජිං කඩතක ජිං ගො ගො තකජිං කඩතක ජිං ගො ගො තකජිං කඩතක ජිං ගො...