තිත - 2 + 4 (සුළු මහ දෙතිත ) (1 2 +1 2 3 4 )
බෙර පදය - දොං දොංජිං ජිං ගජිගත දොං දොංජිං ජිං ගජිගත දොං දොංජිං ජිං ගජිගත දොං දොංජිං ජිං ගජිගත
තානම - තම් තම්දන තානා දන තම්දන තානා
තම් තම්දන තානා තෙයි තම් ද නා තම් දෙනා නා.......
කවිය -
සුරිදුන් පෙර සිටන් බලයුත් සවනිදුන්
සහ ගොස් කළ යුදෙන් අසුරන් ජය නොලදින්
තානම - තම් තම්දන තානා දන තම්දන තානා
තම් තම්දන තානා තෙයි තම් ද නා තම් දෙනා නා.......
කවිය -
බර අත් ගෙන කගින් ඇන කොන් තවි වලින්
අසුරන් කළ යූදෙන් ජය ගෙන කඳකුමරුන්
තානම - තම් තම්දන තානා දන තම්දන තානා
තම් තම්දන තානා තෙයි තම් ද නා තම් දෙනා නා.......
කවිය -
ගසමින් කඟපතින් දෙපලුව අසුරසෙන්
දැරැ පා අත්ලයෙන් පලු දෙක ගෙන සැණෙකින්
තානම - තම් තම්දන තානා දන තම්දන තානා
තම් තම්දන තානා තෙයි තම් ද නා තම් දෙනා නා.......
කවිය -
එමවන් පලුවකින් එඋපන් සැණයෙකින්
සැවුලා නම එයින් ලොව පළ කළ උපතින්
තානම - තම් තම්දන තානා දන තම්දන තානා
තම් තම්දන තානා තෙයි තම් ද නා තම් දෙනා නා.......
කස්තිරම -
කුද ගජිත කුද ගජිත කුද ගජිත කුද තා කුද ගජිත කුද ගජිත කුද ගජිත කුද තා
කුද ගජිත කුද තා කුද ගජිත කුද තා
කුද තා කුද තා
කුද ගජිත කුද ගජිත කුද ගජිත කුද තා
සීරු මාරුව -
තකුතක තරිකිට කුංදත් ගජ්ජිත් තක ජිත් කුංදත් ජිකුතක තරිකිට කුංදත් දොං තා
අඩව්ව -
ජෙං තත් තත් ජෙං තත් තත් ජෙං තත් තත් ජෙං තා
ජෙනු තත් තත් ජෙනු තත් තත් ජෙනු තත් තත් ජෙනු තා
ජෙං තත් තත් ජෙං තා
ජෙනු තත් තත් ජෙනු තා
ජෙං තා ජෙනු තා දොහොගඩ තා
දොහොගඩ ගත කුද දොහොගඩ තා
No comments:
Post a Comment